කාන්තා සිරුරේ හැඩයන්
කාන්තා සිරුරේ හැඩයන්
ඔබ වෙනත් අයකුට හෝ ඔබට ඇඳුම් නිර්මාණය කරන්නේ නම් ගැළපෙන ඇඳුම් මෝස්තර කුමක්දැයි නිවැරදිව තීරණය කළ යුතු වෙනවා. අන්න එහෙම ඒ නිවැරදි තෝරාගැනීමට මූලිකවම උදව් වෙන්නේ මේ සිරුරේ හැඩයන් එහෙම නැත්නම් body type.මොකද උදාහරණයක් විදිහට කාන්තාවන් හතර දෙනෙක් ගත්තොත් එකම ඇඳුම් මෝස්තරය ඒ හතරදෙනාටම ගැලපෙන්නේ නෑ. 👍
සිරුරේ හැඩයන් හතරක් පවතින අතර එසේ පවතින හැඩ අනුව කාන්තාවන් වර්ග හතරකට බෙදන්න පුලුවන් .මෙම වර්ග කිරීම සඳහා මූලිකවම යොදා ගන්නේ පපුව වට මිම්ම උකුල වට මිම්ම සහ ඉණ මිම්මයි.😊
1.ඇපල් හැඩයේ සිරුරක් ඇති කාන්තාවන්.🍎 2.පෙයාස් හැඩයේ සිරුරක් ඇති කාන්තාවන්.🍐
3.සෘජුකෝණාශ්‍ර හැඩයේ සිරුරක් ඇති කාන්තාවන් .➖
4.කාලමානයක හැඩයේ සිරුරක් ඇති කාන්තාවන් .⏳
ඉහත නම් වලින්ම අපේ හිතට දල අදහසක් එනවා නේද එක් එක් අයගේ ඇඟේ හැඩය ගැන.🤗 දැන් අපි එකෙන් එක මේ හැඩයන් ගැන කතා කරමු.😉
1.ඇපල් හැඩයේ සිරුරක් ඇති කාන්තාවන්
මෙවැනි සිරුරක් ඇති කාන්තාවන්ගේ උකුල ට වඩා උඩුකය (පපුව වට)විශාලයි. එබැවින් මෙවැනි කාන්තාවන්ට ඇඳුම් නිර්මාණය දී බෙහෙවින් සැලකිලිමත් විය යුතුයි .මන්ද උකුල හිරට උඩකොටස හිරට හෝ බුරුලට මහන ඇඳුම් මෙවැනි අයට ගැලපෙන්නේ නෑ .එවැනි ඇඳුම් ඇන්දොත් අනවශ්‍ය ආකර්ෂණයක් හා මහත බවක් ඇතිවෙනවා. ටයිට් සාය ෆිෂ්ටේල් සායවැනි ඇඳුම් ගැළපෙන්නේ නැහැ.
මෙවැනි කාන්තාවන් සෑම විටම තමන්ගේ ශරීරයේ උකුල ප්‍රදේශය විශාලව පෙනෙන ආකාරයේ ප්ලෙයාඩ් සාය,ඒ ලයින් සාය වැනි උකුලට බුරුලක් ලිහිල් බවක් එක්කරන සාය මෝස්තර තෝරා ගත යුතුයි. එසේම උඩුකය ඇඳුම් තේරීමේදී කරේ හැඩයන් පිළිබඳව හොඳින් සැලකිලිමත් වෙන්න ඕනේ. වී කර,රවුම් කර සහිත ඇඳුම් වඩාත් උචිතයි.කර ගැඹුරට කපා ඇති හෝ බෝට්ටු කර වැනි කර හැඩයන් ඇති ඇඳුම් ගැළපෙන්නේ නෑ.😍
ඉතින් එහෙනම් ඉහත මම දාලා තියෙන ඡායාරූපවලින් බලාගන්නකෝ මොනවගේ ඇඳුම් ටිකක් ද මේ වගේ සිරුරක් හිමි අයට ගැලපෙන්න කියලා.
2.පෙයාර්ස් හැඩයේ සිරුරක් ඇති කාන්තාවන්.
මෙවැනි සිරුරක් ඇති කාන්තාවන්ගේ පපුව වට (උඩුකය )මිම්මට වඩා උකුල වට මිම්ම විශාල වේ. එසේම ඉනවට මිම්මත් අඩුය. එනිසා මෙවැනි කතුන් තවත් උකුල විශාල කර පෙන්වන සාක්කු වැඩි සාය මොස්තර හෝ කලිසම් මුද්‍රිත රෙද්දෙන් මැසූ සායවල්,ෆ්ලෙයාඩ් සායවල් තෝරා නොගත යුතුයි.😮
උඩුකය ඇඳුම් තෝරා ගැනීමේදී උඩුකය විශාල කර පෙන්වන රැළි යෙදූ, කවුල්කර සහිත ඇඳුම් තෝරා ගැනීම යෝග්‍ය වේ. 😊 ගවුම් වර්ග තෝරා ගැනීමේදී ඒ ලයින් ගවුම් හා ගවුමේ උඩ කොටස ලිහිල්ව පෙනෙන පරිදි මසා ඇති ගවුම් ගැලපේ.👍
එහෙනම් ඉතින් ඉහත දාලා තියෙන රූප වලින් බලාගන්නකෝ මොන වගේ ඇඳුම්ද ගැළපෙන්නේ කියලා .😘
3.සෘජුකෝණාශ්‍ර හැඩයේ සිරුරක් ඇති කාන්තාවන්
මෙවැනි සිරුරක් හිමි කාන්තාවන්ගේ පපුව වට හා උකුල වට( ශරීරයේ උඩ කොටස හා යට කොටස )එකම හැඩයක් ගනී.ඉන මිම්මද එයටම සමාන අගයක් ගනී .එනිසා මෙවැනි ශරීරයක් ඇති කාන්තාවන්ට ඉන කුඩා කර පෙන්වන ඇඳුම් ඉතා සුදුසු වේ .👯කොලර් සහිත බ්ලවුස්,රැලි සහිත බ්ලව්ස්, sweet heart කර හා බෝට්ටු කර ඒ ලයින් ගවුම් වර්ග ද මනාව ගැළපෙන අතර ඉන පටියක් යෙදීම මගින් ශරීරයේ උඩ යට කොටස්වලට වඩා ඉන කුඩා කර පෙන්වීමට හැකි වේ .🙂
ඔන්න ඉතින් මේ වගේ ශරීර හැඩයක් හිමි අයට ගැලපෙන මෝස්තර ටිකක් තමා උඩ ඡායාරූපවලින් පෙන්නලා තියෙන්නේ.🤔
4.කාලමානයක හැඩයේ සිරුරක් ඇති කාන්තාවන් .
මෙවැනි සිරුරක් හිමි කාන්තාවන්ගේ උකුල් වටය හා පපුවට සමාන වන අතර ඉන සිහින්ව පවතී.😉
මෙවැනි ශරීර හැඩයක් හිමි කාන්තාවන් ඉතා වාසනාවන්තයින් ලෙස ඇඳුම් නිර්මාණය දී සැලකිය හැකි. මන්ද මෙවැනි අයට ඕනෑම විලාසිතාවක් ගැලපෙනවා .💃
උඩ දාල තියෙන ඡායාරූප ටික දිහාත් බලන්නකෝ .
එහෙනම් ඉතින් දැන් දැනගත්තා නේද ඇඳුම් මහද්දී අපි දැනගන්න ඕන ශරීර හැඩය මොනවද කියලා 😉.ඒ වගේම ඉතින් ඉක්මනින්ම බලන්නකෝ ඔයාලගේ ශරීර හැඩයත් මොකක්ද කියලා 😊 ආයිත් ඉක්මන්ට මේ වගේ දැනුමක් අරගෙන එන්නම්😍 එකතු වෙලා ඉන්න අපිත් එක්ක ම .