රෙදි මැසීම සඳහා අවශ්‍ය වන රෙදි වර්ග
එදිනෙදා භාවිතා කරන රෙදි වර්ග
රෙදි කියන්නේ ඉතින් ජීවිතයේ අත්‍යවශ්‍යම අංගයක් බව ඔයාලා හැමෝම දන්නවනේ නේද ?පුරාණ කාලයේ ඉඳන්ම රෙදිපිළි භාවිතා කර ඇති අතර වර්තමානයේ මෙන් විවිධ වර්ග වල විවිධ වර්ණ වල රෙදි වර්ග ඒ කාලේ තිබිලා නැහැ .මුල්ම ස්වභාවික රෙදිපිළි හණ භාවිතයෙන් නිර්මාණය කරලා තියෙනවා .
එහි දී පුරාණ මිනිසුන් හණ කෙඳි තනි තනි කෙඳි බවට වෙන් කර පසුව විවීම මගින් රෙදි නිර්මාණය කරගෙන තියෙනවා.රෙදි වර්ණ ගැන්වීම සඳහා ශාක වලින් ම සකසා ගත් ස්වභාවික සායම් වර්ග ද භාවිත කරලා තියෙනවා.
ඒ කාලේ ලිනන් කපු සිල්ක් ලොම් යන රෙදි භාවිතා කරලා තියෙනව.කෙසේ නමුත් ඉහත රෙදි වර්ග සෑම දෙයක් මැසීම සදහාම භාවිතා කළ නොහැකි බැවින් හැකිලීම වැනි සීමාවල් තිබූ බැවිනුත් මිනිසා කෘතිම තන්තු නිපදවලා තියෙනවා .royon යනු 1910 දී නිපදවන ලද පළමු කෘතිම තන්තුව වන අතර සිල්ක් පෙනුම අනුකරණය කර ඇත.ඉතිං ඔය විදිහට දිනපතා වර්ධනය වෙන වෙන රෙදිපිළි කර්මාන්තයේ දී භාවිතා කළ හැකි පරිදි වර්ග කිහිපයක් ගැන අපි අද හොයලා බලමු.කොට්න් cotton
කපු නූල් වලින් නිර්මානය කරන රෙදි වලට කොටන් රෙදි කියලා කියනව.කපු ගහේ හැදෙන මලින් තමා මෙම රෙදි නිර්මාණය කරන්නේ.බලන්නකෝ පහත දාලා තියන ඡායාරූපයේ තියෙන්නේ ඒ වගේ කපු මලක්.
කොට්න් රෙදි කියන්නේ සාමාන්‍යයෙන් ලේසියෙන් මහන්න පුළුවන් රෙදි වර්ගයක්.අපේ අවශ්‍ය තාවය අනුව සැහැල්ලු රෙදි වර්ග මෙන්ම තද රෙදි වර්ග ද මෙහිදී සොයා ගන්න පුළුවන්.patchwoපැච්වර්ක් ව්‍යාපෘති සඳහා ද ෂර්ට් ඇඳුම් මේස් ටී ෂර්ට් ඇඳ ඇතිරිලි සහ තවත් සැහැල්ලු ඇඟලුම් නිර්මාණ සඳහා මෙම කපු රෙදි යොදා ගන්න පුළුවන්. ඉතිං එහෙනම් දැන් අපි ප්‍රධාන වශයෙන් භාවිතයට ගන්න කපු රෙදි වර්ග කිහිපයක් ගැන කතා කරමු
- cotton polyester
ඉතා ලේසියෙන්ම මැකිය හැකි රෙදි වර්ගයකි. සැහැල්ලු වන අතර අත්කම් නිර්මාණ හා උණුසුම් කාලවල අඳින ඇඳුම් නිර්මාණයට වඩාත් සුදුසුයි.විශාල වර්ණ රාශියකින් තෝරා ගත හැකි අතර ලේසියෙන්ම සේදීමේ හැකියාවද පවතිනවා.
2.ලිනන්
ලේසියෙන්ම නැමෙන සුළු රෙදි වර්ගයක් බැවින් ඉක්මනින් හඳුනා ගන්න පුළුවන්. විවිධ වර්ණ හා මෝස්තර රාශියකින් යුක්ත ය .ගවුම් වර්ග ෂර්ට් කලිසං අත්කම් නිර්මාණ සඳහා බහුලව භාවිතා කරයි.
3.egyptian cotton,
විශේෂයෙ ම ඇද ඇතිරිලි සහ තුවා නිර්මාණය සඳහා යොදා ගනී
4.සිනිදු කපුරෙදි
විශේෂයෙන්ම මනාලියන්ගේ ඇඳුම් වල ලයිනින් (ඇදුමේ ඇතුල් පැත්ත)මැසීම සඳහා ද මේස රෙදි වල ඇතුල් පැත්ත මැසීම සඳහා ද යොදා ගැනේ .
5.ගිංගම්
ඇඳුම් මැසීම සඳහා ද විශේෂයෙන්ම අත්කම් නිර්මාණ සඳහා ද යොදා ගනී.
6.ඩ්රිල්
යුද හමුදා ඇඳුම් වර්ග chef කෝඩ් සපාරි ජැකට් වගේ ඒවා මහන්න මේ රෙදි වර්ග යොදා ගන්න පුළුවන්.
7.canvas
handbag අත්කම් නිර්මාණ සපත්තු ටෙන්ට් වගේ දේවල් මහන්න පාවිච්චි කරන රෙදි වර්ගයකි .
ඔන්න එහෙනම් දැන් අපි සිල්ක් රෙදි වර්ග ගැන දැනගමු.
සිල්ක්
දැන් අපි බලමු සිල්ක් රෙදි වර්ග ගැන.විවිධ වර්ග වල සැහැල්ලු සහ බර රෙදි ද විවිධ වර්ණ වල රෙදි ද මෙහිදී සොයාගත හැකිය.සිල්ක් රෙදි නිර්මාණය කරනු ලබන්නේ පටපණුවන්ගෙනි.මෙහිදී මෙම පට පණුවන් මල් බෙරි ශාකය මත හොඳින් වර්ධනය වේ.
මෙම සිලික් රෙදි වර්ග මැසීමේදී විශේෂයෙන් ම නිවැරදිව වාටි මසා ගැනීම පිළිබඳ අවධානය යොමු කර ගන්න ඕනෙ. මොකද මෙම රෙදි වර්ගය ඉක්මනින්ම පැටලිලි සහගත වෙන නිසා.සිල්ක් රෙදි වර්ගත් කිහිපයකි
1.රෝ සිල්ක්
ස්කාර්ෆ් බෑග් කුෂන් ආවරණ මේස ආවරණ කාපට් හා විවිධ ඇඳුම් හා සාරි නිර්මාණය සඳහා යොදා ගනී.
2.silk ක්‍රේප්
මනාලියන්ගේ ඇදුම් පාටි ඇදුම් වලට මෙන්ම යට ඇඳුම් මැසීම සඳහා ද මේ රෙදි භාවිතා කරයි.
3.ක්‍රේප් ද චයිනා
4.සැටින්
මේක නං ඉතිං හැමෝම දන්න රෙදි වර්ගයක් නේ.දීප්තිමත් බවින් ඉහළ රෙදි වර්ගයකි. evening wears මැසීම සඳහා බහුලව භාවිතා කරයි.
පහත දැක්වෙන්නේ කෘතිම සිල්ක් රෙදි වර්ග කිහිපයකි. ස්වභාවික තන්තු වලින් නිර්මාණය වන රෙදිවල පෙනුම ඇත.අඩු වියදමින් මිලදී ගැනීමට හැකිවන අතර ලේසියෙන් මැසීම ද සිදුකළ හැකිය.පහසුවෙන් ගැලවී යන ස්වභාවයක් ඇති නිසා මැහුම් දාර නිවැරදිව මැසිය යුතු යි.
1.polyester
රෙදිපිළි ඇඟළුම් උපකරණ ෂර්ට් කලිසම් ජැකට් තොප්පි ඇඳ ඇතිරිලි බ්ලැන්කට් ආදිය මැසීම සඳහා යොදා ගන්නා රෙදි වර්ගයකි.
2.විස්කෝස්
ලෝම රෙදි
එළු බැටළු ආදී සතුන්ගේ මොළොක් ලෝමවලින් නිර්මාණය කරනු ලබයි
සැහැල්ලු රෙදිවලින් ඇඳුම් මැසිය හැකි අතර බර ලෝම රෙදි කෝට් හා ජැකට් මැසීමට භාවිතා කරයි.
වූල් ක්‍රේප්
ජෝජට්
ඉහත දක්වා ඇත්තේ සැහැල්ලු ලෝම රෙදි වර් දෙකකි.මහන්න පහසු අතර සාමාන්‍ය ඇඳුම් මැසීම සඳහා භාවිතා කරයි.
කෘතිම ව නිපදවනු ලබන රෙදි වර්ග
මෙම රෙදි වර්ග මැසීම තරමක් අපහසු ය .
1.වෙල්වට්
සිනිදු මුදු දීප්තිමත් බවකින් යුතු රෙදි වර්ගය කි .අතීතයේ මිල ඉතා අධික වූ නිසා වංශ වංශාධිපතියන් පමණක් භාවිතා කර ඇතත් වර්තමානය වන විට ගවුම් saree කලිසම් ආදී ඇඟුලුම් නිර්මාණයට යොදාගෙන ඇත.
2.චිෆෝන්
ගවුම් වලට අලංකාරය හා සැහැල්ලු පෙනුමක් ලබාදීමට මෙම රෙද බහුලව භාවිතා කරයි.බ්ලවුස් රිබන් ස්කාර්ෆ් සහ යට ඇඳුම් සඳහා භාවිතා කරන ජනප්‍රිය රෙදි වර්ගයකි.සියුම් රෙදි වර්ගයක් වන බැවින් මුදුව සේදිය යුතුයි.
Luxury fabric
මෙම රෙද වර්ග මැසීමේදී තියුණු කතුරක් හා ගැළපෙන ඉඳිකටුවක් භාවිතා කළ යුතුයි
1.ටැෆටා
ball gowns මංගල ඇඳුම් හා තිර රෙදි නිර්මාණය සඳහා යොදා ගනී කුෂන් කවර handbags ආදියේ ඇතු පැත්ත මැසීමට ද යොදා ගැනේ
2.ඔගන්සා
සැහැල්ලු රෙදි වර්ගයකින් සාම්ප්‍රදායික සිල්ක් වලින් නිර්මාණය කර ඇත. මංගල ඇඳුම් හා evening wears සදහාද බහුලව යොදා ගැනේ.
3.voiles fabric
මුදු රෙදි වර්ගයකි. බොහෝවිට මුදු ගෘහ භාණ්ඩ සඳහා භාවිතා කරයි .මදුරු දැල් මැසීම ට ද භාවිතා වේ. විවිධ වර්ණ ඇත.
4.sequind fabric
මංගල ඇඳුම් සහ ලෙහෙන්ගා වැනි ඇඳුම් මැසීම සඳහා බහුලව භාවිතා කරයි.මිලෙන් අධික ය .අදාල නිර්මාණය සඳහා රෙදි කැපීමේ දී සැලකිලිමත් විය යුතුයි.
5.breaded fabric
මංගල සාරි නිෂ්පාදනයට බහුලව යොදා ගන්නා අතර මංගල ගවුම් හා ලෙහෙන්ගා මැසීමට ද යොදා ගැනේ .ඉතාම ම මිලෙන් අධිකය.අලංකාරවත් බව හා වටිනාකම වැඩි කර පෙන්නයි.
ඔන්න එහෙනම් මං අද මේ ලිපියෙන් ඔයාලට රෙදි වර් ගැන සරල අදහසක් අරගෙන ආවා.ඉතින් ඔයාලගෙ මේකෙ කමෙන්ට් කරන්න. යාලුවොත් එක්ක මේ අදහස් share කරගන්න.මේ තුන් වෙනි මැහුම් පාඩම
පලවෙනි පාඩම සඳහා https://www.facebook.com/107690337257570/posts/227334391959830/
දෙවෙනි පාඩම සඳහා
https://www.facebook.com/107690337257570/posts/239113814115221/
ඉතිං ඉක්මනට අනිත් කොටසත් අරගෙන එන්නම් ❤️
ආදරයෙන් එකතු වෙලා ඉන්න 💞 https://goraps.com/fullpage.php?section=General&pub=548864&ga=g
My facebook page http://ity.im/0DJ44My facebook page
Comments
Post a Comment