ඇඳුම් නිර්මාණය සඳහා අත්‍යවශ්‍ය අනෙකුත් උපකරණ
හතර වන පාඩම
ඕනෑම විනෝදාංශයක් හෝ ශිල්පයත් සඳහා අවශ්‍ය වන්නාවූ නිවැරදි උපකරණ තිබීම මගින් අවසාන ප්‍රතිඵලය වඩාත් හොඳ එකක් වෙනවා. ඉතින් මං අද ඔයාලට අරගෙන එන්නෙ ඒ වගේ ඇඳුම් මැසීම සදහා අවශ්‍ය කරන උපකරණ ගැන විස්තර ටිකක් .මේ උපකරණ සියල්ලම ඇඳුම් නිර්මාණය සඳහා අවශ්‍ය නොවන නමුත් මෙම මෙවලම් අපි මහන එහෙම නැත්නම් අපි නිර්මාණය කෙරෙන සෑම දෙයක්ම පිළිවෙළට ලස්සනට ඉතා ඉක්මනින් පහසුවෙන් කරගන්න උදව් දෙනවා.
එහෙනම් ඉතිං අපි දැන් එකින් එකට බලමු මොනවද මේ උපකරණ කියලා
1.මහන මැෂින්
ඉතාම වැදගත් ඇඳුම් නිර්මාණය සඳහා අවශ්‍ය වන උපකරණයයි .අද වන විට මහන මැෂින් සරල ඒ කියන්නේ පාගලා මහන මැශිමේ සිට computer තාක්ෂණය හරහා ක්‍රියාත්මක වන මැෂින් පවා තියෙනවා. ඒත් ඔය කොයි එක තිබ්බත් කෙලින් මහන්න පුළුවන් buttonhole මහන්න පුළුවන් සරල මැෂිමක් තිබ්බොත් ඇති අපිට එදිනෙදා අපි අඳින ඇඳුම් නිර්මාණය කරගන්න.
2.රෙදි කැපිම සදහා භාවිතා කරන උපකරණ
ඕනෑම දෙයක් කපන විට ඒ කාර්යය සඳහා ගැලපෙන උපකරණය භාවිතා කිරීම වැදගත්.
ඔයාල හැම වෙලේම මේ උපකරණ මිලදී ගද්දි හොඳ නමක් තියෙන තලය මොට නොවන නැවත එය sharp කරගන්න පුලුවන් විදිහේ එකක් මිලදී ගන්න ඕනේ. ඒ වගේම ඔබේ අතට සැහැල්ලූවක් දැනෙන්නත් ඕනේ. දැන් අපි බලමු මේ විවිධාකාර cutting tools මොනවද කියලා .
bent-handled scissors
භාවිතාකරන්නාගේ අත හරවමින් කැපීම පහසු කරන කතුරකි. කපන රෙදි කැබැල්ල දෙස පැහැදිලිව බැලීමට අවකාශය ලබා දෙන කතුරක් වන අතර මුදුව කාර්යක්ශම ලෙස හැසිරවිය හැකිය. සමතුලිත කතුරකි.
Trim clippers
සාමාන්‍යයෙන් අපි ට්රිම එක කියලා හදුන්වන්නේ මෙයයි.අනවශ්‍ය රෙදි කැබලි නූල් ඉවත් කිරීමට භාවිතා කරන සරල උපකරණයකි. අඟල් හයක පමණ තලයක් ඇත.
Embroidery scissors
emboidery කතුර ලෙස හඳුන්වන මෙය එම්බ්‍රොයිඩර් කිරීමේදී මහන ලද නූල් කැපීම සඳහා භාවිතා කරන විශේෂ වර්ගයේ කතුරකි . මේවා විශේෂයෙන් නිර්මාණය කර ඇත්තේ කතුරු තුඩ දිගට හා සිහින්ව බැවින් කුඩා දෙයක් වුනත් අපිට නිවැරදිව කපා ගැනීමේ හැකියාව පවතිනවා.3d lace ආදියේ ඇති මල් ආදිය කැපීමට ද ඉතාමත් ම ගැලපෙනවා.
Pinking scissors
වියන ලද රෙදි කැපීමට බහුලව භාවිතා කරයි. රෙදිවල වාටිය කැපීමට ද යොදා ගනී. මෙහිදී මෙම කතුරු වලින් වාටි කැපූ විට නූල් ඇදීම අවම වේ. කියතක මෙන් දැති තලයක් ඇත.
Rotary cutter
පැච්වර්ක් නිර්මාණවල රෙදි කැබලි කැපීමට බහුලව භාවිතා කරයි .ඉතා තියුණුය .නැවත සකස් කළ හැකිය විවිධ ප්රමාණවල තල ඇත. කුඩා තල කුඩා වක්‍ර කැපීමට භාවිතා කරන අතර විශාල තල සරල රේඛා හා පුළුල් වක්‍ර කැපීමට භාවිතා කරයි.රෙදි කැබලි කිහිපයක් එක මත එක තබා එකවර කපා ගැනීමට හැකිය .
Seam ripper
මැවුම් කපා ඉවත් කිරීම සඳහා භාවිතා කරන කුඩා මෙවලමකි. මෙහිදී මෙහි තුඩ නූල යටින් ඇති මැහුම් තුළට ඇතුල් කරන ලබනවා ඉන්පසු තුඩ ඉහලට ඔසවා අනවශ්‍ය නූල් කපා දැමිම සිදු කරණු ලබනවා.බොත්තන් කාස අතර හිඩස කැපීමට ද යොදා ගත හැකියි .
Buttonhole chisel
මේ භාවිතා කරන්නේ විශේෂයෙන්ම රෙදි මත බොත්තන් කාස කුඩා කැපුම් මගින් විවෘත කිරීමටයි
ඔන්න එහෙනම් අපි දැන් අපිට අවශ්‍ය වෙන කතුරු ගැන කතා කරා.දැන් අපි අපිට අවශ්‍ය වන pin වර්ග මොනවද කියල බලමු
3.pin
වෙළඳපොලේ අපිට විවිධාකාර වූ පින් මිලදී ගැනීමට පුළුවන්.සාමාන්‍ය පබුළු වක් සහිත පින් අපි සෑම දේකටම භාවිතා කරත් ඒ ඒ කාර්යයන් සඳහා යොදා ගන්නා පින්ස් වර්ග කිහිපයකි.
Quitting pin
quitting වැඩ සඳහා දිගු හා ශක්තිමත් පින් අවශ්‍ය වන බැවින් ඒ සඳහා යොදා ගන්නා පින් quilting පින් ලෙස හඳුන්වයි. දීප්තිමත් වර්ණ රැසක් සහිත ප්ලාස්ටික් බෝල හිසක් ඇත .
Glass head pin
නිකල් ආලේපිත වානේ වලින් සාදා ඇත. ශක්තිමත් නමුත් ඕනෑවට වඩා නම්‍යශීලී නැත. ගණකම ඇති රෙදි මත ක්‍රියා කිරීම අපහසුය.හිසට දීප්තිමත් වීදුරු බෝල ඇත .
Silk pin
silk හා වෙනත් සියුම් රෙදි නිවැරදිව රඳවා ගැනීමට යොදා ගනී. ඉතා තියුණුය .රෙදි පලුදු වීමට හැකියාවක් ඇත .
Soft pin cushions
සින්දු රෙදිවලින් නිර්මාණය කරන කුඩා කොට්ටයකට සමාන උපකරණයකි. Pin රඳවා ගැනීමට උපකාරී වේ.
Safety pin
අපි සාමාන්‍යයෙන් ආයකටු කියලා කියන්නේ මේවට .බොහෝ වෙලාවට අපි මේ කටු ඉලාස්ටික් එකක් රෙදි මත දුවවා ගැනීමට යොදා ගනී .
ඔන්න ඔය විදිහට ඉතිං අපිට මේ අල්පෙනෙති වර්ග ගැන කතා කරන්න පුළුවන්.ගොඩක් වෙලාවට මැහුම් නිවැරදිව මසා ගැනීම සඳහා රෙදි කැබලි වල මැසීමට අවශ්‍ය ස්ථාන වල අල්පෙනිති ගසා මැසීමටද හැකියි .
4.Pressing tools
සාර්ථක නිමි ඇදුමක ප්‍රධානම රහස හොඳින් මැද (අයන් කර )තිබීමයි. ඒ සඳහා අපිට ගැලපෙන උපකරණ අවශ්‍ය වෙනවා .මොකද ඇඳුමක එක් එක් කොටස් මැදීම සඳහා එක් එක් උපකරණ පවතිනවා .දැන් අපි බලමු ඒ විවිධාකාර උපකරණ හා ඒවායින් කරන කාර්යය.
Iron
විදුලි ස්ත්‍රික්ක ඇඳුම් ඇසීමේදී නැතිවම බැරි උපකරණයක් .මෙහිදී වාෂ්ප මගින් ක්‍රියාත්මක වන steam ස්ත්රීක්කය වඩාත් උචිතයි.
Sleeve board
ඇඳුමක මදින ලද කොටස් පොඩි නොවන ලෙස අනෙකුත් කොටස් මැද ගැනීමට හැකි උපකරණයකි .
Seam roll
කුඩා වක්‍ර මැහුම් තද කර මැදීමට භාවිතා කරයි .ඩාට්,සිපර්,කරපටි හා වාටි ආදී ස්ථාන නිවැරදිව මැදීමට භාවිතා කරන උපකරණයකි .
Ironing board
අයන් බෝඩ් එක රෙදි හා විදුලි ස්ත්‍රික්ක රඳවා තබා ගැනීමට උපකාරී වන මේසයක් වැනි ස්ටෑන්ඩ් එකකි .
Clapper
මෙහිදී රෙදි කැබලි කිහිපයක් එකවර එක මත එක තබා මැද ගැනීමට යොදාගැනේ .පළමුව මෙහිදී රෙදි කැබලි උණුසුම වාශ්ප වලින රත් කර මෙම උපකරණය මගින් තදින් එබිය යුතුයි. එසේ වූ විට සියලු මැහුම් දාර නිවැරදිව පිහිටයි .
ඉතිං ඔය ඉහත සඳහන් කළ දේවල් වගේම අපි රෙදි මහද්දි රෙදි මත අපිට අවශ්‍ය දේවල් සලකුණු කරගන්න marking tools අවශ්‍ය වෙනවා.ඉතින් දැන් බලමු මේ විදියට පාවිච්චි කරන්න පුළුවන් marking toools මොනවාද කියලා .
5.marking tools
එක් එක් රෙදි වර්ග සඳහා විශේෂ වූ එක් එක් වර්ග වල marking tools පවතී. රෙද්දක් මත තමන්ට අවශ්‍ය ස්ථාන darts ,pocket සහ hem ආදිය නිවැරදිව මසා ගැනීමට marking tools උපකාරී වෙනවා .
Chalk pencil
Tracing paper
වෙන ස්ථානයක ඇති මෝස්තරයක් අපිට අවශ්‍ය ස්ථානය වෙත ගෙන ඒමට එම මෝස්තරය පිටපත් කර ගත හැකි එහා මෙහා පෙනෙන කොල ජාතියකි .
Marking pen
ඔබ ඇඳුම් මැසීම සඳහා පතුරම් සහිත ක්‍රමය භාවිතා කරන්නේ නම් එම පතුරම් මත ඉරි ඇඳීමට භාවිතා කළ හැකිය .
Tailors chalk
විශේෂයෙන්ම ටේලරින් ක්‍රමයට ඇදුම් මහන අය භාවිතා කරයි .රෙදි මත තමන්ට අවශ්‍ය ස්ථාන ලකුණු කර ගැනීමට භාවිතා කරන උපකරණයකි.
Tracing wheel
අපි අදින ලද පතොරමක් හෝ වෙනයම් දෙයක් රෙදි මත නිවැරදිව සමතුලිතව සටහන් කර ගැනීම සඳහා භාවිතා කරන උපකරණයකි .
Drafting ruler
කර හැඩයන් කිහිලි කට හැඩයන් නිවැරදිව ඇඳ ගැනීමට භාවිතා කරන උපකරණයි.ඔන් දැන් එහෙනම් ඒ දේවල් ගැනත් අපි දැන ගෙන ඉවරයි නේ .දැන් අපි බලමු අපිට මිමි ගැනීම සඳහා භාවිතා කරන්න පුලුවන් දේවල් .
6.measuring tools
ඇඳුමක ලස්සන රඳා පවතින්නේ අපි නිවැරදිව මිමි ගත්තොත් විතරයි.ඉතිං ඒ විදියට මිමි ගන්න පාවිච්චි කරන දේවල් ගැන තමා මේ.
Tape measure
clear ruler
ඔන්න ඉතින් දැන් අපි බලමු ඇඳුමක් මහද්දි ඒ ඇඳුම අවසාන කිරීම සඳහා අවශ්‍ය වෙන අනෙකුත් දේවල් මොනවද කියලා .
7.closures
මෙහි කොටස් හතරක් පවතී .
Zipper
සිපර් වර්ග 4 ක් තියෙනවා .සාමාන්‍ය සිපර් ,invisible zipper ,වෙන් කරන්න පුළුවන් සිපර්,metal සිපර්.
Button
වර්ග දෙකකි . එකක් flat button අනෙක් එක shank button .
Snaps
ගාංචු වර්ග දෙකකි .එකක් ඉන පටි සඳහා භාවිතා කරන අතර.අනිත් ගාංචුව බොහෝ විට භාවිතා කරන්නේ ළදරු ඇඳුම් සමගය .
Velcro
කොටස් දෙකක් එකට ඇලවීම සඳහා යොදා ගනී.
8.dressmaker dummy
ඔබ ඇඳුම් නිර්මාණය කරන අයෙක් නම් විවිධ නිර්මාණ සඳහා මෙවැනි ඩමියක් තිබීම අවශ්‍ය වේ .
මෝස්තර නිර්මාණය සඳහා අත්‍යවශ්‍ය වන මෙය මගින් ඔබ නිර්මාණය කරන ලද ඇදුමේ අඩුපාඩු තනිවම අධ්‍යයනය කිරීමට හැකියාව ලැබේ .
තවත් ඉතින් අපිට ඇඳුම් නිර්මාණය සඳහා ඇඳුම් අලංකාර කර ගැනීම සඳහා රිබන් වර්ග ලේස් වර්ග ඉලාස්ටික් වර්ග බයස් පටි කෝඩ් වර්ග භාවිතා කරන්න පුළුවන් .
ඔන්න එහෙනම් හතරෙනි පාඩමත් එක්ක මුල් පාඩම් වලින් අපි මූලික කරුන ටික ඉගෙනගත්තා .
ඉතිං එහෙනම් දිගටම එකතු වෙලා ඉන්න අපිත් එක්ක .ඔයාට මග ඇරුණු පාඩම් තියෙනවා නම් පහල ලින්ක් වලින් බලන්න .
පලවෙනි පාඩම
https://m.facebook.com/story.php?story_fbid=227334391959830&id=107690337257570
දෙවැනි පාඩම
https://m.facebook.com/story.php?story_fbid=239113814115221&id=107690337257570
තුන්වෙනි පාඩම
https://mycameliya.blogspot.com/2020/04/blog-post.html?m=0
Comments
Post a Comment