රෙදි මැසීම සඳහා අවශ්‍ය වන රෙදි වර්ග
එදිනෙදා භාවිතා කරන රෙදි වර්ග රෙදි කියන්නේ ඉතින් ජීවිතයේ අත්‍යවශ්‍යම අංගයක් බව ඔයාලා හැමෝම දන්නවනේ නේද ?පුරාණ කාලයේ ඉඳන්ම රෙදිපිළි භාවිතා කර ඇති අතර වර්තමානයේ මෙන් විවිධ වර්ග වල විවිධ වර්ණ වල රෙදි වර්ග ඒ කාලේ තිබිලා නැහැ .මුල්ම ස්වභාවික රෙදිපිළි හණ භාවිතයෙන් නිර්මාණය කරලා තියෙනවා . එහි දී පුරාණ මිනිසුන් හණ කෙඳි තනි තනි කෙඳි බවට වෙන් කර පසුව විවීම මගින් රෙදි නිර්මාණය කරගෙන තියෙනවා.රෙදි වර්ණ ගැන්වීම සඳහා ශාක වලින් ම සකසා ගත් ස්වභාවික සායම් වර්ග ද භාවිත කරලා තියෙනවා. ඒ කාලේ ලිනන් කපු සිල්ක් ලොම් යන රෙදි භාවිතා කරලා තියෙනව.කෙසේ නමුත් ඉහත රෙදි වර්ග සෑම දෙයක් මැසීම සදහාම භාවිතා කළ නොහැකි බැවින් හැකිලීම වැනි සීමාවල් තිබූ බැවිනුත් මිනිසා කෘතිම තන්තු නිපදවලා තියෙනවා .royon යනු 1910 දී නිපදවන ලද පළමු කෘතිම තන්තුව වන අතර සිල්ක් පෙනුම අනුකරණය කර ඇත.ඉතිං ඔය විදිහට දිනපතා වර්ධනය වෙන වෙන රෙදිපිළි කර්මාන්තයේ දී භාවිතා කළ හැකි පරිදි වර්ග කිහිපයක් ගැන අපි අද හොයලා බලමු. කොට්න් cotton කපු නූල් වලින් නිර්මානය කරන රෙදි වලට කොටන් රෙදි කියලා කියනව.කපු ගහේ හැදෙන මලින් තමා මෙම රෙදි නිර්මාණ...